― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794ක් අස්ථානගත වෙලා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794ක් අස්ථානගත වෙලා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794ක් අස්ථාන ගත වී ඇති බවත් අමාත්‍යාංශයේ වාහන 259 බාහිර පාර්ශවයන්ට පවරා දී ඇති බවත් රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දීය.

කෝපා කමිටුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අදාළ වාහන 1950 සිට 1996 දක්වා කාලය තුළ ලියාපදිංචි කර ඇති බවත් ඒ අතරට මෝටර් රථ 679 ක් සහ යතුරුපැදි 1115 ක් ඇතුළත් බවත්ය.

ඒ අනුව මේ වාහනවලට අදාළව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇති බවත් අනාවරණය වී තිබේ.

ඊට පිළිතුරු දෙමි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පවසා සිටියේ යතුරුපැදි 1115න් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ එකොළහක් සම්බන්ධයෙන් පමණක් බවයි. එමෙන්ම යතුරුපැදි බොහොමයක් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිකුත් කෙරුණු ඒවා බවත් ඔවුන් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් කෝපා කමිටු සභාපතිවරයා එහිදී කියා සිටියේ වාහන අස්ථානගත වීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙසයි.