― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහඟුරන්කෙත පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

හඟුරන්කෙත පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200 පමණ පිරිසක් ඊයේ (26) රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.

මෙම පිරිස ගල් ප්‍රහාරයක් ද පොලිස් ස්ථානය වෙත එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙලෙස පැමිණි අයගෙන් වැඩි පිරිසක් මත්පැන් පානය කර ඇති බවට නිරීක්ෂණ වූ බව පවසන පොලිසිය, ඔවුන් විසින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් පොලිස් ස්ථානයේ ගේට්ටුව පෙරළා ඊට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පිරිස පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව පොලිස් මධ්‍ය කොට්ඨාශය සඳහන් කළා. මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු පිරිස් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කර සිටියා.

හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහර දී බරපතළ තත්ත්වයෙන් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 25 වනදා මියගොස් තිබෙනවා. මෙම සිද්ධිය සම්බණ්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වත් සැකකරුවන් 08 දෙනෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසූ පොලිසිය ප්‍රදේශයෙන් පළාගොස් සිටින ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි වාර්තා වුණේ.

එලෙස විමර්ශන සිදුකරමින් සිටින අතර තුරයි ඊයේ (26) රාත්‍රියේ පිරිසක් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට නොගැනීම සම්බධයෙන් හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිට මෙලෙස කලහාකාරී ලෙස හැසිරී ඇත්තේ.