මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ව්‍යාජ තොරතුරු ඇතුළත් ගුවන් ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන වව්නියාව සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරියෙක් සහ නිලධාරිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හා සැකකාරිය නිවාසවල සඟවා තිබී තිබී මෑත කාලයේ දී මෙරට විවිධ අපරාධ වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඡායාරූප ඇතුළත් කළ සකස් කරන ලද ගුවන් ගමන් බලපත්‍ර 13 ජාතික හැඳුනුම්පත් 06 ක් ,රාජ්‍ය ආරක්ෂක සහ නාගරික අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ ,ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ , රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ තනතුර ඇතුළත් රබර් මුද්‍රා , ජංගම දුරකථන 06 ක්,ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලුම් පත්‍ර සහ විවාහ සහ උප්පැන්න සහතික විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකාරිය 54 හැවිරිදි වූ තැනැත්තියකි දෙදෙනාම අනුරාධපුර පදිංචිකරුවන් ය.