27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅවුරුදු 29ක් තිස්සේ සමෘද්ධිය දීලත් තවම දුප්පත්කම නැතිවෙලා නෑ - දුමින්ද දිසානායක

අවුරුදු 29ක් තිස්සේ සමෘද්ධිය දීලත් තවම දුප්පත්කම නැතිවෙලා නෑ – දුමින්ද දිසානායක

අවුරුදු 29ක් සමෘද්ධිය ලබා දී ඉතුරුම් තැන්පතු ආරම්භ කළ ද දුප්පත්කම නැති වී තිබේ දැයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විමසයි.

සමෘද්ධිය ලබන අතර ත්‍රීරෝද රථයක් මිලට ගත්ත ද සමෘද්ධිය අහිමි වනු ඇතැයි සිතා එය නමට ලියාපදිංචි නොකරන බව ඔහු සඳහන් කරයි.

රුපියල් 2500ක් ගැනීම සඳහා එවැනි පවුල් තව දුරටත් දුප්පත් ලැයිස්තුවේ සිටින බව ද හෙතෙම කීය. මේ පිරිස කෙතරම් පොහොසත් වුව ද මනසින් දුප්පත් බවත් දිගටම පෝලිමේ ගොස් සමෘද්ධිය ලබන බවත් දුමින්ද දිසානායක පෙන්වා දෙයි.

සමෘද්ධිය ලැබූ කිසිවෙකු ප්‍රාදේශීය ලේකම් හමු වී තමන් දැන් දියුණු වී ඇති බවත් එම අවස්ථාව තවත් පුද්ගලයෙකුට දියුණු වන්නට ලබා දෙන ලෙසත් පවසා සමෘද්ධි කාඩ්පත භාර නොදෙන බව ද හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් කීය.