― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදඩයමේ ගිය දරුවෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

දඩයමේ ගිය දරුවෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

වාකරේ පොලිස් වසමේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කුවක්‌ පත්තුවීමෙන් ළමයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ වයස අවුරුදු 14 ක්‌ වන සින්නතට්ටමුන, වාකරේ ප්‍රදේශයේ පදිංචි ළමයෙක්. මියගිය ළමයා වැඩිමහල්‌ සහෝදරයා සහ සහෝදරියන්ගේ ස්වාමි පුරුෂයන්‌ දෙදෙනාද සමඟ සතුන්‌ දඩයම්‌ කිරීම සඳහා 26 වන දින රාත්‍රි කාලයේ ගොස්‌ ඇති අතර මොවුන්‌ රැගෙන ගිය ගිනි අවියක්‌ පත්තුවීමෙන්‌ මෙම වෙඩි වැදීම සිදුව ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන්‌ මියගිය දරුවා සමඟ දඩයමේ ගිය අවුරුදු 24, 28 හා 32 වයස්වල පසුවන ඉහත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්‌ තිදෙනා පොලිසිය විසින්‌ අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්‌ විසින්‌ රැගෙන ගිය මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 සොයා ගෙන නොමැති අතර සොයා ගැනීම සඳහා වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.