28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ගුවන් හමුදාපතිවරයෙක් පත්වෙයි

නව ගුවන් හමුදාපතිවරයෙක් පත්වෙයි

එයාර් මාෂල් උදේනි රාජපක්ෂ නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතය.

ඒ අනුව මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ඔහු එම ධුරයේ වැඩභාර ගැනීමට නියමිතය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වු පළමු ගුවන් හමුදාපතිවරයා ලෙසයි සැලකෙන්නේ.

1988 දී ශිෂ්‍යභටයෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු අනුරාධපුර කඳවුරු අංක 01 පියාසර පුහුණුව ලබා ගනිමින් 33වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යභටයා ලෙස පත්වුණි.

අනතුරුව දේශීය මෙන්ම විදේශීය පුහුණුවද ලබා ගනිමින් පියාසර නිලධාරියෙකු ලෙස ඔහු විශිෂ්ඨ දස්කම් දක්වා තිබේ.