29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව පොලිස්පති ගැන නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

නව පොලිස්පති ගැන නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

මීළඟ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා පොලිසියේ ආදර්ශමත්, සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම වැදගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ඔවුන් මේ බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර සිටි අතර පොලිසිය කෙරෙහි මහජනතාව තැබූ විශ්වාසය පසුගිය කාලසීමාවේ බරපතළ ලෙස ඛාදනය වූ අයුරු දක්නට ලැබුණු බව පවසා ඇති නීතිඥ සංගමය, පොලිසියේ ස්වාධීනත්වය, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණ පිළිබඳව ද අදාළ ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කර ඇත්තේ නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ඉහත කරුණු පිළිබඳව ද අවදානය යොමු කරන ලෙසයි.