30.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකු අධිපතිගෙන් සහතිකයක්

මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අවධාරණය කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම වැදගත් කරුණක් බවත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ ඔබ සියලුදෙනාගේ තැන්පතුවල සුරක්ෂිතභාවය මෙන්ම බැංකු පද්ධතියේ ඇති සියලුම මහජන තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඔහු ප්‍රකාශ කරා.

අර්ථසාධක අරමුදල් ආදිය පිළිබඳව ඇතැමුන්ගේ කුකුසක් පැවතුනත් ඔවුන්ගේ ශේෂයන්ට එයින් බලපෑමක් නොවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.