― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරිෂාඩ් බදියුදීන්ට එරෙහිව තවත් නඩුවක්

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව තවත් නඩුවක්

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කල් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදී වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසටයි.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනු කරන ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට නියම කළා. ඉන්පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැදවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා. මෙම පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආශ්‍රිතව පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමට එරෙහිව තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවයි.

2020 වසරේ නොවැම්බර් මස 16 වනදා එහි තීන්දුව දුන් අභියාචනාධිකරණය හෙළි පෙහෙළි කරන ලද වනාන්තර සහිත ප්‍රදේශවල යළි වන වගා කිරීමට පියවර ගන්නා ලෙසට වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නැවත වන වගා කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1067 ක මුදලක් ගෙවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගනන් බලා එම මුදල ගෙවන ලෙස රිෂාඩ් බදියුදීන්ට දැනුම් දී තිබුණත් ඔහු මේ දක්වා අදාළ මුදල ගෙවා නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ තුළින් වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අධිකරණ නියෝගය පිළිපැදීම පැහැර හැර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාස කොට ඇති බවට තීන්දුවක් දැන් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.