29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවකුගඩු රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමක

වකුගඩු රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමක

මහියංගනය මූලික රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන රුධිර කාන්දුපෙරණ ඒකකයේ මෙහෙයුම් ඊයේ (27) සිට සම්පූර්ණයෙන්ම නවතා ඇති බව රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

වකුගඩු රෝගීන්ගේ රුධිරය පෙරීම සඳහා රෝගියාට සහ ඩයලිසිස් යන්ත්‍රයට සම්බන්ධ කර ඇති ඩයලයිසර් කට්ටලවල හිඟය හේතුවෙන් එහි ක්‍රියාකාරිත්වය නතර කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ සෑම සතියකම වකුගඩු රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් රුධිර කාන්දුකරණය සිදු කරනු ලබන අතර මේ වනවිට එම සියලුම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට මෙම උපකරණ සැපයීම අත්හිටුවීම හේතුවෙන් රෝහල් රැසක මෙම උපකරණවල දැඩි හිඟයක් පවතින බව වාර්තා වේ.

දිවයින පුරා රෝහල්වල දැනට පවතින ඩයලයිසර් කට්ටල ප්‍රමාණය සතියකට පමණක් ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.