29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි බිල ගැන අවසන් තීරණය සිකුරාදා

විදුලි බිල ගැන අවසන් තීරණය සිකුරාදා

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි බිල අඩු කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එළඹෙන සිකුරාදා අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජුලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අවසන් ගාස්තුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

යෝජිත ගාස්තු සංශෝධන පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම සඳහා මහජන උපයෝගිතා කිමිසම ඊයේ විශේෂ සැසියක් පැවැත්වීය.

මේ අනුව මහජන මතය සහ ලංවිම ඉදිරිපත් කරන සූත්‍රය සලකා බලා මහජන උපයෝගිතා කොමිසම සිය තීරණය ප්‍රකාශ කරනු ඇත.

ජුලි 01 වැනිදා සිට විදුලි ගාස්තුව 3.15%කින් අඩු කිරීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර මෙම යෝජනා ක්‍රමයට අනුව මසකට ඒකක 0 ත් 30 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ පරිශීලකයින් සඳහා සියයට 26.9 ක ගාස්තු සංශෝධනයක් සිදු කෙරේ.