― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකික කතකට කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්

ශ්‍රී ලාංකික කතකට කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්

පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා.

තුෂාරා විලියම්ස් මහත්මිය කොළඹදී උපත ලබා ඇති අතර කොළඹ කාන්තා විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇත. ඇය 1991 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා තිබේ. ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සේවය කර තිබේ. තුෂාරා මහත්මිය 2001 වසරේදී කැනේඩියානු සිවිල් සේවයට බැඳී ඇති අතර ඇය සමාජල ආර්ථික සහ මූල්‍ය අංශ වල අත්දැකීම් බහුල කාන්තාවකි.

කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව තුෂාරා විලියම්ස් මහත්මියි. තුෂාරා මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීමට පෙර තනතුරු ගණනාවක් හොබවා ඇත.