28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොසට කෝටි 1500ක පාඩුවක්

සතොසට කෝටි 1500ක පාඩුවක්

2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ලංකා සතොස ආයතනය රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

එම ආයතනය 2022 වසරේදී පමණක් ලැබූ පාඩුව රුපියල් කෝටි හැටක් බව කෝප් කමිටුව සඳහන් කළ අතර සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී රුපියල් කෝටි 600 ක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී දීර්ඝව සාකච්ඡා සිදුවිය.

මනුෂ්‍ය පරිභෝජනයට ගෙන ආ සහල් තොග කල් ඉකුත් වීම හේතුවෙන් සත්ව ආහාරවලට විකිණීම නිසා මෙම පාඩුව සිදුවී තිබූ බවද එහිදී ප්‍රකාශ විය.

තවදුරටත් ඉදිරියේදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට කෝප් කමිටුව තීරණය කළා.