30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාරි තොටිල්ලේ සිර වී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

සාරි තොටිල්ලේ සිර වී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ ඊයේ (27) දහවල් කාලයේ අදාළ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

9 හැවිරිදි දරුවෙක් මෙලෙස මියගොස් ඇත්තේ සාරියකින් බැඳ තිබු තොටිල්ලක ගෙල සිරවීමෙන්. පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවයි.