ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීම කළ හැක්කේ ඉන්දියාවේ සහය ඇතිව පමණක් බව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්දියාවේ මාධ්‍ය කණ්ඩායමක් සමඟ පැවති සංවාදයකදීය.
“ඉන්දියාව පසුගිය වසරේ අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4ක් ලබාදෙමින් සහයෝගය ලබාදුන්නා. ඉන්දියාව එම සහයෝගය ලබා නොදුන්නේ නම් ශ්‍රී ලංකාව ඉතා අසීරු තත්ත්වයකට යාමට ඉඩ තිබුණා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇපදීම කළ හැක්කේ ඉන්දියාවට පමණයි.“