27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅවුරුදු 40ට වැඩි කොළඹ මහල් නිවාස ගැන තීරණයක්

අවුරුදු 40ට වැඩි කොළඹ මහල් නිවාස ගැන තීරණයක්

වසර 40ට වැඩි සියලුම මහල් නිවාසවල නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ රජයේ පිළිගත් ආයතනයක් මගින් අදාළ තට්ටු නිවාස ප්‍රමිතිය සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.

ඒ අනුව අනාරක්ෂිත බව තහවුරු වුවහොත් අදාළ නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් 2003 අංක 24 දරන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි පනතේ 10 වන වගන්තියෙන් නිවාස අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම දේපළ අත්පත් කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

එම තාක්ෂණික වාර්තාවේ නිර්දේශ පරිදි එම නිවාස සංකීර්ණ ප්‍රතිසංවර්ධනය කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට අපේක්ෂා කෙරේ.

වෑකන්ද නිවාස යෝජනා ක්‍රමය, බම්බලපිටිය නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර නිවාස ක්‍රමය, මාලිගාවත්ත නිවාස ක්‍රමයේ ගොඩනැගිලි කිහිපයක්, මිහිඳු මාවත නිවාස ක්‍රමය යන නිවාස ක්‍රමවල නිවාස 869ක් සහ කඩසාප්පු 619ක් අනාරක්ෂිත බවයි අදාළ වාර්තාවේ සඳහන් වන්නේ.