29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජීවන් තොණ්ඩමන්ට එරෙහිව පැමිණිල්ලක්

ජීවන් තොණ්ඩමන්ට එරෙහිව පැමිණිල්ලක්

ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සමගි ජන බලවේගයේ වලපනේ ආසන සංවිධායක නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.යූ.පී ජයසිංහ වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

බගවන්තලාව ප්‍රදේශයේ රජයේ බැංකුවකට පැමිණි තරුණයෙකු ගනුදෙනුකරුගේ ගිණුම ගැන විමසූ විට බැංකු නිලධාරීන් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ පිළිබඳව බැංකු කළමනාකාර බගවන්තලාව පොලිසියට පැමිණිලි කළේය.

සැකකරු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව හිරණ්‍යා හේරත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

තවද පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බගවන්තලා නගර මධ්‍යයට ගෙන ආ පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.