26.7 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වෙලාවේ බස් ගාස්තු සංශෝධනයක් එපා

මේ වෙලාවේ බස් ගාස්තු සංශෝධනයක් එපා

මේ අවස්ථාවේදී වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජුනි 01 වැනිදා සිදුකරනු ලබන අතර උද්ධමන අනුපාතය, ඩීසල් ලීටරයක මිල, නඩත්තු වියදම්, ටයර් සහ අනෙකුත් අමතර කොටස්වල මිල ඇතුළු කරුණු දොළහක් සැලකිල්ලට ගනිමින් බස් ගාස්තුව ගණනය කරනු ලබයි.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ සංශෝධනයක් පැනවීමකින් තොරව දැනට පවතින බස් ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවත්
මෙම තීරණය ජාතික ගමනාගමන කොමිෂන් සභාවටද තමන් දන්වා ඇති බවත්ය.