29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

හයිලෙවල් මාර්ගයේ මාකුඹුර ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ උදෑසන මෙම අනතුර සිදුවී ඇත්තේ කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය වූ යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ බස් රථයක ගැටීමෙන්. බරපතල තුවාල ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් වන අතර හෝමාගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරී කරමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.