29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයාපනයේදී පොලීසියෙන් අහසට වෙඩි

යාපනයේදී පොලීසියෙන් අහසට වෙඩි

අච්චුවේලි නිර්වේලි ප්‍රදේශයේ කලහකාරී ලෙසට හැසිරුණු පිරිසක් පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තබා තිබෙනවා.

ඊයේ (28) රාත්‍රී කිසියම් පිරිසක් නිවසකට පහරදෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවුඩයකට අනුවයි අච්චුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලිසිය එම ස්ථානයට ළගාවීමෙන් පසුව ද පිරිස දිගින් දිගටම කලහකාරී ලෙසට හැසිරීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු තම ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

එහිදී කලහකාරී පිරිස විසින් පහරදුන් පුද්ගලයෙකු පොලිසිය විසින් බේරාගෙන යාපනය රෝහලට ඇතුලත් කෙරුණා. එලෙස පහරකෑමට ලක්වී ඇත්තේ නිර්වේලි ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

ෆේස්බුක් ඔස්සේ තරුණියකගේ ඡායාරූප මුදා හැරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම කලහකාරී සිදුවීම හටගෙන ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

මෙම කලහකාරී තත්ත්වයේදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අච්චුවේලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.