29 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 70ක් සේවය අතහැර ගිහින්

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 70ක් සේවය අතහැර ගිහින්

ගුවන් ගමන් සඳහා පූර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියා කිරීමට අවම වශයෙන් ගුවන් නියමුවන් 330ක් අවශ්‍ය වන බවත් එහෙත් ඉන් 70ක් දැනට ඉල්ලා අස්වී ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පවසයි.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තවත් පිරිසක් රට හැරයාමට සූදානමින් සිටින බවත් ගුවන් නියමුවන් බරපතල අර්බුදයකට පත්කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තත්ත්වයට පත්කරනු ලැබුවේ එහි කළමනාකාරිත්වය බවත්ය.

පසුගිය 20 වැනිදා දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව යාමට සිටි ශ්‍රමිකයින් රැගත් ගුවන් යානයේ ප්‍රමාදයටද සූදානම්ව සිටි ගුවන් නියමුවන් නොපැමිණීම හේතු වූ බවයි ඔවුන් පවසන්නේ.