28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංහරාජෙන් ශාඛ සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

සිංහරාජෙන් ශාඛ සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

වලංගු බලපත්‍රයක් නොමැතිව සිංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජීවි හා අජීවි සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කරන ලද ඉරාන ජාතිකයින් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු නෙළුව වනජීවි නිලධාරින් විසින් (27) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් සිව් දෙනා ලබන මස 05 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉරාන ජාතිකයින් තිදෙනා සහ කඳාන පදිංචි පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකි. මෙම සැකකරුවන් නෙළුව වන අඩවි සීමාවට අයත් සිංහරාජ රක්ෂිතයට ඇතුළු වීමට ඇති ලංකාගම ප්‍රවේශපත්‍ර කවුළුව අසළදී සිදුකරන ලද පරික්ෂාවකදී වලංගු බලපත්‍රයක් නොමැතිව ජීවි හා අජීවි ශාක කොටස් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

වන නිලධාරින්ට ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි වෑන් රථයද ඔවුන් භාරයට ගෙන තිබේ.