32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙට මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

හෙට මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (30) මහනුවර නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීම මීට හේතුවයි. ඒ අනුව හෙට උදෑසන 9.30 සිට දහවල් 12 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වන පරිදි මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

තානාපතිවරුන් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමේදී අදාළ මාර්ගවල පෙරවරු 5 සිට දහවල් 12 දක්වා මාර්ගය දෙපස රථ වාහන නතර කිරීමට අවස්ථාව හිමි නොවන අතර වාහන ධාවනයට හැකියාව පවතිනවා.

උදෑසන 9.30 දිට 11 දක්වා කාලය තුළ තානාපතිවරුන් රැගත් රිය පෙරහැරවල් ගමන් ගන්නා අවස්ථාවලදී මෙම මාර්ගවල රථවාහන ගමනාගමනය වරින් වර නැවැත්වීමට සිදු වන බව පොලිසිය සඳහන් කළා.

ඩී. එස්. සේනානායක වීදිය, නගර සභා හන්දියේ සිට ක්වීන්ස් හෝටලය හන්දිය දක්වා – දළදා වීදිය, ක්වීන්ස් හෝටලය හන්දියේ සිට දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය හන්දිය දක්වා – කොටුගොඩැල්ල වීදිය, දළදා වීදිය හන්දියේ සිට කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය හන්දිය දක්වා – රජ වීදිය, කොටුගොඩැල්ල වීදිය හන්දියේ සිට ජනාධිපති මන්දිරය දක්වාත් වූ මාර්ගයන්වල මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එමෙන්ම අදාළ කාලය තුළ මහනුවර නගරයේ සිට කටුගස්තොට දෙසට ගමන් කරනු ලබන රථ වාහන සහ කටුගස්තොට සිට මහනුවර දෙසට ගමන් කරනු ලබන රථ වාහන තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කරවීමටයි සැලසුම් කර ඇත්තේ.