29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්ධමනය තවදුරටත් පහළට

උද්ධමනය තවදුරටත් පහළට

ජුනි මාසයේ උද්ධමනය සියයට 12ක් දක්වා පහත වැටී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2ක් ලෙස වාර්තා වී තිබූ අතර මැයි මාසයේ සියයට 21.5ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 4.1ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩුවී ඇත.

එමෙන්ම සියයට 27ක් ලෙස මැයි මාසයේ වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 16.2ක් දක්වා පහත වැටී තිබේ.