26.7 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නතක් විෂ වී එක්දරු මවක් ජීවිතක්ෂයට

එන්නතක් විෂ වී එක්දරු මවක් ජීවිතක්ෂයට

රාගම රෝහලේදී ලබාදුන් එන්නතකින් පසුව ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි එක් දරු මවකි.

උදරයේ ඇති වූ අබාධායක් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා මෙම කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල් වීම නිසා එයට ප්‍රතිකාර වශයෙන් ඇයට ලබාදුන් එන්නතක් අසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බි.පොලොන්වල පවසන්නේ.