28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තාවකගේ වීඩියෝවක් නිසා අච්චුවේලි උණුසුම් වෙයි

කාන්තාවකගේ වීඩියෝවක් නිසා අච්චුවේලි උණුසුම් වෙයි

ඉකුත් 29 වැනිදා රාත්‍රියේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකින් අනතුරුව කාන්තාවන් 25 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 06 දෙනෙක් සමඟ 31 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසනවා.

තරුණයින් දෙදෙනෙකු විසින් කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යක පල කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම ගැටුම ඇතිවී තිබේ.

මෙහිදී තරුණයින් දෙදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට යාමේදී ගැටුම උග්‍ර වී තිබේ. කෙසේ වෙතත් පොලිසිය තත්වය පාලනය කිරීමට උත්සහ දරා ඇති අතර පසුව අහසට වෙඩි තබා තත්වය යම්තාක් දුරට සාමාන්‍ය කිරීමට පොලිසිය සමත්ව තිබේ.

මෙම ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් පිරිසක අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසුවේ.