28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණේ පාසල් 323ක විදුහල්පති පුරප්පාඩු

දකුණේ පාසල් 323ක විදුහල්පති පුරප්පාඩු

දකුණු පළාතේ පාසල්වල විදුහල්පති තනතුරේ පුරප්පාඩු 323ක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ පවසයි.

ආණ්ඩුකාරවයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දකුණු පළාත තුළ විදුහල්පතිවරුන් 1523 දෙනෙකු සිටිය යුතු වුවද දැනට සිටින්නේ විදුහල්පතිවරුන් 978 දෙනෙකු බවයි ආණ්ඩුකාරවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම මෙම පාසල්වල විදුහල්පති තනතුරු සඳහා වැඩ බලන විදුහල්පතිවරු පත්කොට ඇති බවත් අධ්‍යාපන නිලධාරින්ගේ පුරප්පාඩු 60ක්ද පවතින බවයි අවධාරණය කළේ.

අධ්‍යාපන නිලධාරින් 223 දෙනෙකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ අධ්‍යාපන නිලධාරින් 174 දෙනෙකු බවද ආණ්ඩුකාරවරයා එහිදී කියා සිටියේය.