― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsපාසල් ළමුන් රැගෙන ගිය ත්‍රිරෝද රිය ප්‍රපාතයකට පෙරළෙයි

පාසල් ළමුන් රැගෙන ගිය ත්‍රිරෝද රිය ප්‍රපාතයකට පෙරළෙයි

පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් ඇතුලු 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පූනාගල සිට කොස්ලන්ද දක්වා පාසල් ලමයින් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රීරෝද රථයක් අද (30) දහවල් මෙම අනතුරට ලක්වී ඇත්තේ බස් රථයක පිටුපස ගැටී ප්‍රපාතයකට පෙරළීමෙන්.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් සිසුන් 5 දෙනෙකු සහ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලය අසලදී අනතුර සිදුව ඇති අතර අධික වේගයෙන් ත්‍රීරෝද රථය ධාවනය කිරිම නිසා එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

පූනාගල සිට මෙම ත්‍රී රෝද රථයේ ළමයින් පිරිසක් රැගෙන කොස්ලන්දට පැමිණ ඉන් කොටසක් කොස්ලන්ද නගරයේ බස්සවා ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් බස් රථයක පිටුපස ගැටී පෙරළි ගොස් තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙලෙස අතුරු මාර්ගයේදී ළමයින් විශාල පිරිසක් පටවාගෙන පැමිණ ප්‍රධාන මාර්ගයේදී අවස්ථා දෙකකදී ඔවුන් ප්‍රවාහනය කරනු ලබන්නේ පොලිසියට හසුවීම හේතුවෙන් බවටයි.

අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.