23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලී රහිත ශිෂ්‍ය ණය අපේක්ෂකයින්ට දැනුම් දීමක්

පොලී රහිත ශිෂ්‍ය ණය අපේක්ෂකයින්ට දැනුම් දීමක්

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අයඳුම්පත් කැඳවීමට දින නියම වෙයි

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන ජුලි මස 4 වනදායින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අගෝස්තු මස 7 වනදා දක්වා අපේක්ෂකයින්ට අයදුම්පත් යොමු කළ හැකියි.

මේ සඳහා 2019/2020/2021 වසරවල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබනවා.

අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාළ සියලු තොරතුරු ලබා ගත හැකියි.

වැඩි විස්තර සඳහා 070-3555970-79 දක්වා දුරකථන අංක අමතන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.