23.9 C
Colombo
Tuesday, December 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෝලන්ත රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

පෝලන්ත රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් අද (30) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදීයි අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

44 හැවිරිදි මෙම කාන්තාව කොළඹ, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇයට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය රැකියා අපේක්ෂකයන් විශාල පිරිසක් පෝලන්තයට යවන බව පවසා මෙම මුදල් සහ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළග තබා ගෙන සිට ඇති අතර ඇය විසින් පවත්වා ගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහනමකට ලක් කර තිබේ.