29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීළඟ පොලිස්පති ගැන කාදිනල්ගෙන් ජනපතිට ලිපියක්

මීළඟ පොලිස්පති ගැන කාදිනල්ගෙන් ජනපතිට ලිපියක්

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ කරුණ සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාවගේ සහ පොදු මහ ජනතාවගේ අව්‍යාජ අභිලාෂය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් මෙම ලිපිය යොමු කරන බවයි උන්වහන්සේ දන්වා ඇත්තේ.

නව පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සලකා බැලීම සහමුලින්ම නතර කර දමන ලෙසට කාදිනල් හිමිපාණන් ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය ද ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිස්පති වැනි ඉහළ තනතුරකට ඔවුන්ගේ නම් යෝජනා කිරීමට හෝ නිපුණතාවයේ මෙන්ම වෘත්තිමය ක්‍රියාකාරී බවේ කැපී පෙනෙන ලකුණු ඔවුන් තුළ නොමැති බවහස උන්වහන්සේ සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ.