යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ මගී ප්‍රවාහන සුඛෝපභෝගි බස් රථයක් හදිසියේ මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේදී අද (30) අලුයම හදිසියේ ගිනි ගැනීමකට ලක්වීමෙන් බස් රථය සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.
මෙසේ ගිනි ගැනීමට ලක්වී ඇත්තේ ඊස්වරන් බස් සමාගමට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක්. මෙම බස් රථය 29 වැනිදා රාත්‍රි 10.30 ට පමණ යාපනයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කර කොළඹ බලා ගමන් ගනිමින් තිබියදී මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබේ.
බස් රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ එහි සියලුම ආසන මගීන්ගෙන් පිරි තිබූ බවත් කිසිවකුටත් හානියක් නොවන අයුරින් බස් රථයෙන් ආරක්ෂිතව රැගෙන ඇති බව පොලිසිය පවසයි.
බස් රථය ගිනි ගැනීමෙන් මගීන් කිප දෙනෙකුගේ පමණක් ගමන් මළු ගිනි ගෙන ඇති අතර ගිනි ගැනීම සිදුවීමට පෙර මගීන් පුත්තලම ආසන්නයෙදී අතරමග දී තේ පානය කර ඇති බවත් තේ පානයට බස් රථය නවතන විට රියදුරු බස් රථය පරික්ෂා කර තිබුණද අනතුරක හෝඩුවාවක් පවා නොතිබූ බවයි වාර්තා වන්නේ.
බස් රථය ගිනි ගැනීම සැලවීමත් සමග පුත්තලම නගර සභා ගිනි නිවීමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකක පැමිණ ගින්න පාලනය කළද ඒ වනවිටත් බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන අවසන් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

