27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටේ එකම ළමා රේඩියෝලොජි විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර ගිහින්

රටේ එකම ළමා රේඩියෝලොජි විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර ගිහින්

කුඩා දරුවන්ගේ රේඩියෝලොජි සම්බන්ධව කටයුතු කිරීම සඳහා මෙරටට සිටි එකම වෛද්‍යවරයාද මේ වන විට රට හැර ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීයි වෛද්‍යවරයා මේ බව අනාවරණය කර ඇත්තේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ 2024–2025 වසර සඳහා විශේෂඥ වෛද්‍යවරු හාර දහසක් පමණ රටට අවශ්‍යව ඇති බව ගණන් බලා ඇතත් දැනට රට තුළ සිටින්නේ ඉන් අඩක් පමණක් බවත්ය.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කළහොත්, එම විශේෂඥ වෛද්‍යවරුන්ගෙනුත් දෙසීය පනහක් පමණ දෙනා අඩු වීමට නියමිත බවත් එසේ වුවහොත් රට තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 1750 දක්වා අඩුවනු ඇති බවත් ඔහු අව්ධාරණය කළේය.

හදිසි අනතුරු ඒකක සදහා විශේෂඥ වෛද්‍යවරු 30 දෙනෙකු පුහුණුව ලබා දී බඳවාගෙන ඇති අතර එම 30 දෙනාගෙන් 20 දෙනෙක්ම මේ වන විට රට හැරගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම 2024-2025 වසර සඳහා නිර්වින්දන වෛද්‍යවරු 289 දෙනෙකු රටට අවශ්‍යව ඇති නමුත් මේ වන විට රට තුළ සිටින්නේ නිර්වින්දව වෛද්‍යවරු 155 දෙනෙකු පමණක් බවයි එම මාධ්‍ය හමුවේදි වෛද්‍යවරයා සඳහන් කළේ.