30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වෙයි

ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වෙයි

ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති, ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අත්බෑගය ලුණු කැටයකටත් වඩා කුඩා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

වෙන්දේසියකදී එය අලෙවි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 63,750ක මුදලකටය.

මෙම අත්බෑගය බැලීමට අන්වීක්ෂයක් අවශ්‍ය වන බැවින් එය අන්වීක්ෂීය අත්බෑගයක් ලෙසද හඳුන්වයි. නිව්යෝර්ක් හි නගරයක් වන Brooklyn හි පිහිටි මෙම සුවිශේෂී කලා නිර්මාණකරුවන්ගේ එකතුව හඳුන්වන්නේ MSCHF ලෙසටය.

ඔවුන් මෙවැනි අති විශේෂ නිර්මාණයන් සිදුකිරීම සම්බන්ධයෙන් සුවිශේෂී ආකර්ෂණයක් හිමිකරගෙන ඇත. අදාළ නිර්මාණය හඳුන්වාදෙමින් ඔවුන් ප්‍රකාශයට පත්කර ඇත්තේ අත්බෑග කුඩා කිරීමේ අවසානය මෙය බවය.