26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි ගාස්තු ගැන අවසන් තීන්දුව අද

විදුලි ගාස්තු ගැන අවසන් තීන්දුව අද

විදුලි ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සාමාජිකයන් අද පස්වරු 12ට පමණ රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව විදුලි ගාස්තු අඩුවීම සම්බන්ධයෙන් බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව සඳහන් කළේ නිවැරදි ක්‍රමවේදයක් තුළින් සියයට 23 – 25 ත් අතර විදුලි ගාස්තුව අඩු කර ගත හැකි බවයි.

කෙසේ වෙතත් විදුලි ගාස්තු අඩු කෙරෙන්නේ කොපමණ ප්‍රතිශතයකින් ද තීරණය වන්නේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බවයි මහජන උපයෝගිතා කොමිසන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. එලෙස විදුලි ගාස්තුවක් අඩු කළහොත් එය ජූලි මස විදුලි බිල සඳහා ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු පවසා සිටියේ.