― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකාවට ලකුණු 21ක තියුණු ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 21ක තියුණු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් සුපිරි 6 දෙනාගේ වටයේ නෙදර්ලන්තය සමග අද පැවති තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

බුලවායෝහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබාදුන් ධනංජය ද සිල්වා ලකුණු 93ක් ලබා ගත්තේ තම 10 වන එක්දින අර්ධ ශතකය ද වාර්තා කරමින්. හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද ඊට ඇතුළත්.

එමෙන්ම ඔහු එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද අද වාර්තා කළා. මීට පෙර ඔහු එක්දින තරගයකදී ලබා තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 91ක්.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. සධීර සමරවික්‍රම එක් ලකුණක් සහ චරිත් අසලංක ලකුණු දෙකක් ලබා ගත්තා.

නායක දසුන් ශානක ලකුණු 5යි. කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් සහ වනිඳු හසරංග ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Logan van Beek සහ Bas de Leede කඩුලු 3ක් බැගින් බිඳ හෙලුවා. Saqib Zulfiqar කඩුලු 2යි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන්ට පන්දුවාර 40ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 192ක් පමණයි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ Scott Edwards නොදැවී ලකුණු 67ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින්.

Wesley Barresi ලකුණු 52යි. Bas de Leede ලකුණු 41ක් රැස් කළා.

මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් බිඳහෙලුවා. වනිඳු හසරංග කඩුලු 2යි. ලහිරු කුමාර, දිල්ෂාන් මදුෂංක සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිඳහෙළුවා. තරගයේ වීරයා සම්මානය ධනංජය ද සිල්වාට හිමිවුණා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන ඉරිදා බුලවායෝහිදී පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.