32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසූර්ය පැනල පාරිභෝගිකයින්ට අප්‍රේල් දක්වා මුදල් ගෙවා අවසන්

සූර්ය පැනල පාරිභෝගිකයින්ට අප්‍රේල් දක්වා මුදල් ගෙවා අවසන්

අප්‍රේල් 30 දක්වා සූර්ය පැනල පාරිභෝගිකයන් වෙත ගෙවිය යුතු සියලුම ගෙවීම් සිදු කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

පසුගිය මාස 12 ක කාලය තුළ රුපියල් බිලියන 4 ක මුදලක් හිඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

පුනර්ජනනීය බලශක්ති සපයන්නන්, ඓඵ්ඵ් සහ අනෙකුත් සැපයුම්කරුවන් වෙත ලංවිම විසින් අනෙකුත් සියලුම හිඟ ගෙවීම් අඛණ්ඩව සිදු කරන බවත්, ඒවා මාසික ගෙවීම් සැලැස්මක් තුළ ඉදිරි මාස හය ඇතුළත සම්පූර්ණයෙන් පියවීමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.