31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහමුදා සෙබළෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

හමුදා සෙබළෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

ප්‍රියංකරගම, අධිරාණිගම ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ යුද හමුදා සෙබෙළෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 31 හැවිරිදි වියේ පසු වූ පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙක් බවයි පොලීසිය පවසන්නේ.

ඔහු මීට දින කිහිපයට පෙර නිවාඩු ලබා පැමිණ ඇති අතර පසුගිය 28 වැනිදා රාත්‍රියේ මිතුරන් දෙදෙනෙක් සමග මත්පැන් පානය කර ඇති අතර ඉන් අනතුරුව මිතුරන් දෙදෙනා පිටව ගොස් තිබේ.

ඔවුන් දෙදෙනා ඊයේ (29) පස්වරුවේ යළි මොහුගේ නිවසට පැමිණ බලන විටදී සෙබළ මියගොස් ඇති බව දැක ඇති අතර ඒ පිළිබඳව පොලිස් ස්ථානය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.