― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහරක් කටාගේ ඩුබායි සහකාරියට රතු වරෙන්තු

හරක් කටාගේ ඩුබායි සහකාරියට රතු වරෙන්තු

පාතාල කල්ලි නායකයෙකු වන ‘හරක් කටා’ නොහොත් මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න සමඟ සමීප සබඳතා පැවැත්වූ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වේ.

ඇය මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් හරක් කටා විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් මෙහෙයවන බවට තොරතුරු ලැබීම හේතුවෙන් මෙලෙස රතු නිවේදන නිකුත් කරන බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හරක් කටාගේ බිරියක වශයෙන්ද ඇය කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති බවත් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි මේ වන විට සකස් කරමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදීයි ඔහු මෙම සමීපතම කාන්තාව සම්බන්ධ තොරතුරු පවසා ඇත්තේ.