― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsගුරු පුරප්පාඩු 5000 ඉක්මවයි

ගුරු පුරප්පාඩු 5000 ඉක්මවයි

වයඹ පළාතේ විදුහල්පති සහ ගුරු පුරප්පාඩු 5795ක් පවතින බව විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“විදුහල්පති පුරප්පාඩු 697ක් සහ ගුරු පුරප්පාඩු 5098ක් පවතිනවා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අදාළව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව සිදු කළ විමසීමකින් අදාළ තොරතුරු තහවුරු කර ගත්තා. වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප 08ක සහ කොට්ඨාස 31ක මේ පුරප්පාඩු විසිරී පවතිනවා. මේ කොට්ඨාසවල විදුහල්පති ශ්‍රේණිධාරී පුරප්පාඩු අතරින් මහව 121ක්, නිකවැරටිය 75ක්, කුරුණෑගල 44ක්, ඉබ්බාගමුව 05ක්, ගිරිඋල්ල 03ක්, කුලියාපිටිය 36ක්, හලාවත 139ක් සහ පුත්තලම 188ක් ලෙස මේ විදුහල්පති පුරප්පාඩු 697 පවතිනවා. පළාත් මට්ටමින් ඉල්ලුම් කරන විදුහල්පති පුරප්පාඩු පිරවීමට 2018 / 2019 වසරවල බඳවා ගැනීමෙන් පසුව වසර තුනක කාලයක් ගතව තිබුණත් තරග විභාග පවත්වා කඩිනමින් බඳවා ගැනීම සිදු කර නෑ. මේ හේතුවෙන් ග්‍රාමීය පාසල් පවත්වාගෙන යෑමේදී වැඩ බලන විදුහල්පතිවරුන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.”