― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ IMF උවමනාවට - කාදිනල් හිමි

ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ IMF උවමනාවට – කාදිනල් හිමි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව මත ණය ප්‍රතිව්‍යුගත වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් සිදුවන්නේ රට තවදුරටත් බංකොලොත් වීම පමණක් බවයි.

“මේ රටේ තියන සම්පත් සියල්ල සූරා කාලා. රටේ සම්පත් පෝෂණය කරලා පෝසත් කරන්නේ නැතුව විදේශීය රටවලින් කන බොන හැම දෙයක්ම ලංකාවට ගෙන ආර්ථික ක්‍රමවේදයක් ඇති කරලා කොම්පැණිවල අතරමැදියෝ හම්බකරන මුදල් ප්‍රමාණය කෝටි ගණන්. විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙළක් යනවා මේ දවස්වල.

මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දේවලින් රට පෝෂණය කරලා මේ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරන්නට කටයුතු කරන්නේ නැතිව මේ ගොල්ලෝ කරන්නේ විදේශීය රටවලින් ණය අරගෙන කාකා බිබී ඉන්න එක. දැන් ඉන්න නායකයා විශේෂයෙන්ම නිව් ලිබරල්වාදී ආකල්ප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා එයා එක වැළඳගත්තා කියලා. ඒ නිව් රිබරල්වාදී ආර්ථික ක්‍රමය තුළ රට පුළුවන් තරම් දුප්පත් කරන්න තමයි කටයුතු වෙලා තියෙන්නේ. මේ ක්‍රමවේදය තුළ අපි සේරම වහල් ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ උතුරේ රටවල ආර්ථික බලය රඳවාගෙන ඒ ක්‍රමවේදය පමණක් පාවිච්චි කිරීමට ධෛරියමත් කරන සංවිධානයක්. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එකට මුදල් ලබා දීලා තියෙන්නේ. ඒ අය අපිට ආධාර කරනවා නෙමෙයි අපෙන් සූරාකෑමක් තමා කරන්නේ දිගට ම. වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ අපිට ණය දෙනවා පමණයි. ඉතින් මේ රට තුළ අපිට ස්වංපෝෂිත ආර්ථිකයක් හොයා ගන්න වෙන්නේ නෑ. අපේ ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න වෙන්නේ නෑ. මේ ණය ක්‍රමය අපි පාවිච්චි කරනකල්.”