― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාවහන් සමාගමේ ප්‍රධානියාගේ සැලසුම අතේ පත්තු වේ

පාවහන් සමාගමේ ප්‍රධානියාගේ සැලසුම අතේ පත්තු වේ

ප්‍රසිද්ධ පාවහන් සමාගමක ආයතන ප්‍රධානියකුගේ නිවසේ ගේට්ටුවට වෙඩි තැබීමේ සිද්ධිය පැමිණිලිකරු විසින්ම රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත සැලසුම් සහගතව සිදුකළ අපරාධයක් බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුව එම ප්‍රධානියා ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බවයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට පත්වූවන් අතර විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ හමුදා සෙබළෙක් මෙන්ම සැකකාර ආයතන ප්‍රධානියාගේ රියැදුරන් දෙදෙනෙක් ද වන බවටයි හෙළිවී ඇත්තේ.

වෙඩි තැබීමට යොදා ගත් T56 ගිනි අවියක්, මැගසින් 2ක් සහ ජීව උණ්ඩ 64ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

පසුගිය ජුනි මස 22 වනදා උදෑසන 5.30ත් 6ත් අතර කිසියම් පිරිසක් නිවස ඉදිරිපිට ගේට්ටුවට වෙඩි තබා ඇති බවට සැකකාර ආයතන ප්‍රධානියා බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි විමර්ශන ආරම්භ වූයේ.

පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ තොරතුරු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ලබාදීමෙන් අනතුරුව අදාළ නිවෙස් හිමි ආයතන ප්‍රධානියා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තොරතුරු හෙළි කර තිබෙනවා.

සැකකරුවන් T56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් ගේට්ටුවට එල්ල කර තිබූ අතර එමගින් කිසිවෙකුටත් අනතුරක් හෝ දේපළ හානියක් සිදුවී තිබුණේ නැහැ.

සැකකාර ආයතන ප්‍රධානියා තනතුර දරන සමාගමේ පාලනය ඥාති සහෝදරයන් කිහිපදෙනෙකු අතර පවතින අතර පැමිණිලිකරු විසින් යෝජනා කරනු ලැබූ විශේෂ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙඩි ප්‍රහාරය එල්ලවූ දින සවස පැවැත්වීමට නියමිතව තිබී ඇතැයි සඳහන්.

ඊට යම් බලපෑමක් එල්ල කිරීම සඳහා මෙම වෙඩි තැබීම සැලසුම් සහගතව සැකකරු විසින් සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ සඳහා සැකකරු ඔහුගේ රියදුරන් දෙදෙනාගේ සහාය ලබාගෙන ඇති අතර හිටපු හමුදා සාමාජිකයා වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පොරොන්දු වූ රුපියල් ලක්ෂ 10ක මුදලින් මේ වන විට රුපියල් 950000ක මුදලක් හමුදා සෙබළා සහ රියදුරන් දෙදෙනා වෙත ලබාදී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.