29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමත්පැන් මිල ඉහළට

මත්පැන් මිල ඉහළට

සුරා බදු ඉහළ දැමීම හේතුවෙන් මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බීර වර්ගවල මිල රුපියල් 50කින් ඉහළ යන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම බදු සංශෝධනය සිදුකර තිබෙනවා.

මේ අතර දුම්වැටියක මිල ද අද සිට ඉහළ දමා තිබෙනවා.

සුරා බදු ඉහල දැමීම හේතුවෙන් අද සිට දුම්වැටි වර්ගවල මිල රුපියල් 05, 15, 20 සහ 25 යටතේ කණ්ඩ 4ක් මත ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම ප්‍රකාශ කළා.