27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පෙති ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට

මත්පෙති ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට

දිගු කලෙක පටන් මත්පෙති ජාවාරමේ යෙදුණු කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු යාපනය ඌරෙලු, අම්මාන් කෝවිළ අසලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට විශේෂ කාර්ය බලකාය වාකරේ යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එචි.ඩී.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.06.30 වන දින කෝපායි පොලිස් වසමේ ඌරෙලු, අම්මාන් කෝවිළ අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී Pregabalin මත්පෙති 940 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවහනය කරමින් සිටි ඌරෙලු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයන් දෙදෙනෙකු සහ Pregabalin මත්පෙති 10 ක සමඟ ඌරෙලු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත