මිනුවන්ගොඩදී බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් බියගම, සහ සපුගස්කන්ද යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් කිරිවත්තුඩුව , හෙයියන්තුඩුව,, ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 27,,41 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 50 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි. මෙම පහරදීමට සැකකරුවන් රැගෙන ගිය වෑන් රථය ද පොලිසිය සොයා ගෙන ඇත .