30 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරොටුඹ රසිකගේ ගෝලයින් 4ක් කොටුවෙයි

රොටුඹ රසිකගේ ගෝලයින් 4ක් කොටුවෙයි

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු ලෙස සැලකෙන මහා පරිමාණ අපරාධකරුවකු ලෙස සැකකෙරෙන රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී ඒ කේ 47 වර්ගයේ ගිනිඅවියක් සහ විදේශ රටක නිෂ්පාදිත අති නවීන පිස්තොලයක් සහ මැගසින් එකක් සොයාගත් බවය.

දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාවරල සහ දෙයියන්දර පොලිස් වසමේ මුලටියන සහ මාකඳුර ප්‍රදේශවලදී මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඔවුන් මුලටියන සහ මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.