26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලොව පළමු ක්‍රිකට් ශූරයන් 2023 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

ලොව පළමු ක්‍රිකට් ශූරයන් 2023 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අහිමිවෙයි.

ඒ අද පැවති ස්කොට්ලන්තය සහ කොදෙව්වන් අතර තරගයේදී ස්කොට්ලන්තය කඩුලු 7කින් ජය වාර්තා කිරීමත් සමගය.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ස්කොට්ලන්ත ය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 181ක් පමණි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 182කි.

ලකුණු 182ක ඉලක්කය හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.