27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකික සම්භවයක් ඇති පාසල් සිසුවෙකු ඉතාලියේ පාසල් සිසුවියකගේ දිවි තොර කරයි

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පාසල් සිසුවෙකු ඉතාලියේ පාසල් සිසුවියකගේ දිවි තොර කරයි

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පාසල් සිසුවෙකු ඉතාලියේ පාසල් සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සිසුවා විසින් අදාළ සිදුවිය ඝාතනය කර කසළ බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා, කසළ බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීමට උත්සාහ කිරීමේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ මාරියා මිෂෙල් කෝසෝ නැමැති පාසල් සිසුවියක් වන අතර ඝාතනය සිදුකළ ශ්‍රී ලාංකික සම්භයක් ඇති පාසල් සිසුවා ද එම වයසේ පසුවන බව සඳහන්.

එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ, කලක පටන් ඔවුන් දෙදෙනා අතර තිබූ ප්‍රේම සබඳතාවය මියගිය සිසුවිය විසින් නවත්වා තිබෙන බැවින්, අදාළ සිසුවා විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි.

ඝාතනයට ලක්වූ ඉතාලි ජාතික සිසුවියගේ සිරුරේ පිහි ඇනුම් පහරවල් ද දක්නට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඝාතනය සිදුකළ සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලියේ දී උපත ලැබූ එම පවුලේ එකම දරුවා වන බව සඳහන්.