― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑක්දින ලෝක කුසලානයට ඉන්දියාවට යන්න පාකිස්ථානය අවසර ඉල්ලයි

එක්දින ලෝක කුසලානයට ඉන්දියාවට යන්න පාකිස්ථානය අවසර ඉල්ලයි

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට නිල අවසරය ඉල්ලා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශේෂ ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ට සහ අභ්‍යන්තර හා විදේශ අමාත්‍යාංශයට වෙත අදාළ ලිපිය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර පවතින දේශපාලන සබඳතා පළුදු වීම හේතුවෙන් ඉන්දියාවේ සංචාරය කිරීමට රජයේ අවසරය අවශ්‍ය වන බැවින් එම අවසරය ඉල්ලමිනුයි මෙලෙස ලිපියක් යොමුකර ඇත්තේ.

රජයේ අවසරයකින් තොරව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට ගමන් නොකරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට යෑම මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අනුව ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගීවන තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ.

එවන් පසුබිමක එක්දින ලෝක කුසලානය වෙනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජයෙන් ඉන්දියාවේ සංචාරය සඳහා අවසර හිමිවේ ද යන්න පිළිබඳව ලොවපුරා සිටින ක්‍රිකට් ලෝලීන් බලා සිටිනවා.