30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනයට

දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනයට

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනයක් සිදුකිරීමට නියමිත බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර ආර්ථිකට යළි ගොඩනැඟීම සඳහා රටේ බැංකු පද්ධතියෙන් මේ වනවිට ගත හැකි උපරිමය ලබාගනිමින් පවතින බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඒ, අනුව තව දුරටත් වැඩි බරක් බැංකු පද්ධතියට යෙදවුවහොත් එය පන්කෝටියකට අධික බැංකු ගිණුම්හිමියන්ට සිදුකරන දැඩි අසාධාරණයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.